චීනය ජාත්‍යන්තරකරණය වූ පළමු පන්තියේ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරන බව අගමැති Li Qiang මහතා පවසයි
2023-09-06 11:03:57
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා චීන-ඉන්දුනීසියා ව්‍යාපාරික ප්‍රජාවේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී කථාවක් පැවැත්වීය. එම භෝජන සංග්‍රහය ඊයේ (5) ඉන්දුනීසියාවේ ජකර්තා හිදී පැවැත්විණ. චීන ඉන්දුනීසියා සහයෝගීත්වයේ ප්‍රධානී, ඉන්දුනීසියානු සම්බන්ධීකරණ අමාත්‍ය Luhut Binsar මහතා සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයෝ 200 ක් පමණ මෙම භෝජන සංග්‍රහයට සහභාගී වූහ.

ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා හරිත බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, ජෛව වෛද්‍ය විද්‍යාව, කෘත්‍රිම බුද්ධිය සහ වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට ඉන්දුනීසියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා අවධාරණය කළේය. දෙරටේ ව්‍යවසායන් දෙරටේ සංවර්ධනයට උපකාර කිරීම සඳහා ඉහළ මට්ටමේ නවෝත්පාදන සහයෝගීතාව ශක්තිමත් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

චීනය ආයතනික විවෘත කිරීම් ක්‍රමානුකූලව පුළුල් කරන අතර නවීන සේවා කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල වෙළඳපල ප්‍රවේශය තවදුරටත් ලිහිල් කරන බව Li Qiang මහතා පෙන්වා දුන්නේය. එසේම, චීනය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ශක්තිමත් කරන බවත්, වෙළඳපල කේන්ද්‍ර කරගත්, නීතිමය සහ ජාත්‍යන්තරකරණය වූ පළමු පන්තියේ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරන බවත් චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම