චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා සිය පළමු ආසියා නිල සංචාරය අරඹයි
2023-09-05 20:39:39
Share with:

නැගෙනහිර ආසියා සහයෝගිතාව තේමා කරගත් නායක සමුළු රැසකට එක්වීම සඳහා චීන අග්‍රාමාත්‍යවරයා අද (5) බෙයිජිං අගනුවරින් පිටත්වී ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ළඟා විය. ඉන්දුනීසියාවේ රැඳී සිටින කාලයේ දී ලි ච්‍යං මහතා 26 වන චීන-ආසියාන් නායකයන්ගේ සමුළුව, 26 වන ආසියාන්-චීන, ජපාන, ‍දකුණු කොරියානු නායකයන්ගේ සමුළුව සහ 18 වැනි නැගෙනහිර ආසියා නායක සමුළුවට එක්වීමට නියමිත ය. මීට සමගාමී ව හෙතෙම ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

ඉන් අනතුරුව, ජී-20 කණ්ඩායමේ නායකයන්ගේ 18වන සමුළුවට එක්වීම සඳහා චීන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට යාමට නියමිතව තිබේ.           

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම