නියඟයෙන් කුඹුරු අක්කර 60,930කට හානි – කෘෂිකර්ම අමාත්‍යාංශය
2023-09-05 17:19:12
Share with:

නියඟය හේතුවෙන් කුඹුරු අක්කර 60,930ක් මේ වන විට හානියට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඊයේ (04) දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි පිළිබඳ වාර්තාවට අනුව ඉන් බලපෑමට ලක්ව සිටින ගොවීන් ප්‍රමාණය 62,375 දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,654. 40කි. එමෙන්ම මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන් ලක්ෂ තුන්දහසකි. දැනට වගා හානි වාර්තා වන ආකාරය අනුව නියඟය නිසා අක්කර 70,000ක් පමණ හානියට ලක්ව ඇතැයි අනුමාන කෙරේ.

කෙසේවුවද මෙම වගාහානි මගින් රටේ සහල් අවශ්‍යතාවයට බලපෑමක් එල්ල නොවන අතර ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රට තුළ පවතින  බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම