විදුලිබලය වෙනස් කරන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට
2023-09-05 17:17:51
Share with:

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පනත් කෙටුම්පතට  නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලයේ 24000ක් සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටළු පවතින බවත් අවශ්‍යතාවය පරිදි සේවකයන් අඩු කිරීමට සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම