නයිජීරියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආපසු කැඳවීමට නයිජීරියානු ජනපතිගෙන් නියෝගයක්
2023-09-04 09:05:46
Share with:

විදේශයන්හි සේවය කරන නයිජීරියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආපසු කැඳවන ලෙස නයිජීරියානු ජනාධිපති Bola Tinubu මහතා පසුගිය 2 වැනිදා නියෝග කළේය.

නයිජීරියානු ජනාධිපති මන්දිරය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වුණේ, එය Bola Tinubu මහතා විදේශයන්හි නයිජීරියානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවල වත්මන් තත්ත්වය පිළිබද විමර්ශනය කර ගත් තීරණයක් බවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය මේ මාසයේ පැවැත්වීමට නියමිත බැවින්, නිව්යෝර්ක් සහ ජිනීවා හි සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නයිජීරියානු නිත්‍ය නියෝජිතයින් මෙම කැඳවීමට ඇතුළත් නොවන බව ද එම නිවේදනයේ දක්වා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම