ප්‍රදේශ රැසකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ
2023-09-04 17:05:30
Share with:

අධික වැසි තත්ත්වයත් සමඟ ප්‍රදේශ රැසකට 2 වන මට්ට‍මේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ.ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් එම නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු නිකුත් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ යන ප්‍රද්ශවලටත් කළුතර පාලින්දනුවර, මතුගම, වලල්ලාවිට ප්‍රදේශවලටත් මෙය බලපැවැත්වෙනු ඇත.

එමෙන්ම කෑගල්ල බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශවලටත්, රත්නපුර කිරිඇල්ල, අයගම, කලවාන යන ප්‍රදේශවලටත් එම අවදානම් නිවේදන නිකුත් කර තිබෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම