ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයේ සාක්ෂරතාව සිය‍ය‍‍ට 92 ඉක්මවයි
2023-09-04 17:06:17
Share with:

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 92.64%කට කියවීමේ සහ ලිවීමේ හැකියාව ඇති බව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ජනගහන අංශය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ලෝක සාක්ෂරතා දිනය සැප්තැම්බර් 8 වැනිදාට යෙදී තිබේ.

මෙරට වැඩිහිටි පුරුෂ ජනගහනයේ සාක්ෂරතා අනුපාතය 93.63%ක් වන අතර කාන්තාවන්ගේ එම අනුපාතය 91.71%කි. වයස අවුරුදු 15-24 අතර මෙරට සමස්ත තරුණ සාක්ෂරතා අනුපාතය 98.76%කි. එම වයසේ පිරිමින්ගේ සාක්ෂරතා අනුපාතය 98.36% ක් සහ කාන්තා ප්‍රතිශතය 99.17% කි.

අඩු හා මධ්‍යම ආදායම් ලබන වෙනත් රටවල 2019 දී 57%ක්ව පැවති සරල පාඨයක් කියවා තේරුම් ගත නොහැකි අවුරුදු 10 වයස් කාණ්ඩයේ දරුවන්ගේ ප්‍රතිශතය මේ වන විට 70% දක්වා වැඩි වී ඇත. ගෝලීය කොවිඩ් වසංගතය සහ වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුද ඊට හේතු වී තිබේ. එමෙන්ම මූලික සාක්ෂරතා කුසලතා නොමැති තරුණ තරුණියන් සහ වැඩිහිටියන් මිලියන 763ක් ලොව පුරා ජීවත් වන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම