ඇමරිකාවේ ස්ථාන කිහිපයක වෙඩි තැබීම්වලින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට
2023-09-04 10:50:07
Share with:

පසුගිය සැප්තැම්බර් පළමුවැනිදා සහ සතිඅන්ත දෙදින තුළ ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම්වලින්, පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි, එරට මාධ්‍ය වර්තාවන් හි දැක්වේ. 

පසුගිය 2 වැනිදා  Chicago නගරයේ 20 හැවිරිදි  තරුණයෙකු වෙඩි තැබීමකට ලක්  ව මිය ගොස් ඇත.

Texas ප්‍රාන්තයේ Fort Worth හි පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය පළමුවැනිදා අලුයම මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන්ට වෙඩි හඬක් ඇසුණු බවයි. අනතුරුව, වෙඩි ප්‍රහාරයට ලක් ව තුවාල ලැබූවෙකු සොයාගැනුණු අතර, ඔහු රෝහලට යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

මේ අතර, පළමුවැනිදා රාත්‍රියේ Louisiana ප්‍රාන්තයේ, Port Allen හි පාසල් පාපන්දු තරඟයක දී වෙඩි තැබීමක් සිදුව ඇත. ඉන් තුවාල ලැබූ 16 හැවිරිදි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. තවත් 28 හැවිරිදි කාන්තාවක ද තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තාවන් හි සඳහන්  ය.

මේ අතර, එදින ම රාත්‍රියේ Maryland ප්‍රාන්තයේ, Baltimore හි පැවති පාසල් පාපන්දු තරගයක දී සිදු වූ වෙඩි තැබීමකින් 12 හැවිරිදි දරුවෙක් තුවාල ලැබීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම