‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ගෝලීය මානුෂීය මෙහෙවරට දායක වී ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස කමිටුව කියයි
2023-09-04 09:42:40
Share with:

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගෝලීය මානුෂීය මෙහෙවරට දායක වී ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සභාපතිනි Mirjana Spoljaric Egger මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ පසුගියදා ජිනිවා නුවර දී චීන මාධ්‍ය අමතමිනි.

‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ රටවල් හා කලාප රැසක යටිතල පහසුකම් පුළුල් කර ඇති බවත්, සංවර්ධනාත්මක මුලපිරුමක් වන එය ගෝලීය මානුෂීය මෙහෙවරට දායක වී ඇති බවත් Spoljaric මහත්මිය එහිදී පැවසුවාය.

‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ මානුෂීය අධ්‍යාත්මය සමඟ ගැලපෙන අතර, ගැටුම්වලින් පීඩාවට පත් ජනතාවට ඉන් තිරසර සහායක් ලබාදිය හැකි බව ද ඇය සඳහන් කළාය.

දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම සඳහා, ස්වාභාවික විපත්වලට ලක් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ඒකාබද්ධ ප්‍රයත්න දරන ලෙස ද  Egger මහත්මිය එහිදී ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියාය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සහ චීනය අතර පවතින සමීප සංවාද හා ඵලදායී සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් වනු දැකීම තම අපේක්ෂාව බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම