ඇමරිකාව පැන වූ ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් වෙනිසියුලාව අර්බුදයක
2023-09-03 15:41:21
Share with:

ඇමරිකාව විසින් වෙනිසියුලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් එරට ඩොලර් බිලියන 22 කට වැඩි වත්කම් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අත්හිටුවා ඇත.

එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය William Castillo මහතා ඊයේ (2) මේ බව සඳහන් කර ඇතැයි වෙනිසියුලානු මාධ්‍ය වාර්තා කර තිබේ.

අත්හිටුවා ඇති වත්කම්වලින් ඩොලර් බිලියන 5 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතු විශේෂ ගැනුම් හිමිකම් ලෙස පවතින බව William Castillo මහතා පවසා ඇත. කොරොනා වසංගතය අවසන් වීමෙන් පසු වෙනිසියුලාවේ ආර්ථිකය ප්‍රකෘතිමත්වීමට උපකාර කිරීම සඳහා මෙම මුදල් වෙනිසියුලා මහ බැංකුවට මාරු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබිණ. නමුත් මේ වන තෙක් වෙනිසියුලා මහ බැංකුවට එම මුදල් ලැබී නැත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම