ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය චීනයේ ගුණාත්මක විවෘත භාව‍යේ මනා පිළිබිඹුවක්
2023-09-03 14:57:46
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(02) ආරම්භ වූ 2023 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයේ ගෝලීය සේවා වෙළඳ සංසදය සඳහා වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය. එහිදී හෙතෙම පෙන්වා දුන්නේ ගෝලීය සේවා වෙළඳාම හා සේවා කර්මාන්තය සුසංයෝගාත්මක ව වර්ධනය වීම තුළින් ‘ආර්ථික ‍ගෝලීයකරණයට මෙන් ම ගෝලීය ආර්ථික උද්‍යෝගීවත් භාවයට ද ගාමක බලවේගයක් ලබා දෙන’ බවයි. ‘විවෘත භාවය’, ‘සහයෝගිතා’, ‘නවෝත්පාදනය’, ‘බෙදා හදා ගැනීම’ යන කරුණු හෙතෙම එහිදී අවධාරණය කළේය. චීනයේ අධි ගුණාත්මක විවෘත භාවය පුළුල් කිරීමේ හා සිය ප්‍රගමන වලින් ලෝකයට ප්‍රතිලාභ ලබා දීමේ අධිෂ්ඨානය එමගින් යළි පිළිබිඹු කෙරේ.

මෑත වසරවලදී, සේවා වෙළඳාම ගෝලීය වෙළඳාම සඳහා වන නව එන්ජිමක් බවට පත් ව ඇත. ලෝක වෙළඳ සංවිධානයේ පුරෝකථනයට අනුව, 2040 වසර වන විට, සේවා වෙළඳාම කැපී පෙනෙන අයුරින් ගෝලීය වෙළඳාම තුළින් 50%ක අගයකට ළඟා වීමට අපේක්ෂා කෙරේ. මේ අනුව, මෙවර සේවා වෙළඳ ප්‍රදර්ශනය ව්‍යවසායන් 2400කට වැඩි සංඛ්‍යාවක් ආකර්ෂණය කර තිබීම විශේෂත්වයකි. ඒ අතරින්, ලෝකයේ ප්‍රමුඛ ස්ථාන 500යේ රැඳී සිටින හා යම් කර්මාන්තයක ප්‍රවීණ ව්‍යවසායන් 500කට වැඩි සංඛ්‍යාවක් ඊට ඇතුළත් වීම කැපී පෙනේ.

චීන වාණිජ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව, 2022 වසරේ චීනයේ සේවා කර්මාන්තය සඳහා වන අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 6ක් පමණි. මෙම අගය වසර 9ක් අඛණ්ඩ ව ලෝකයේ 2වැනි ස්ථානයේ පසු වෙයි. දෙස්-විදෙස් ව්‍යවසායන් සේවා වෙළඳ ප්‍රදර්ශනයට සක්‍රීය අයුරින් එක් වන්නේ චීනය සතු සුපිරි විශාල වෙළඳපොළ හා අඛණ්ඩ ව උත්ශ්‍රේණිගත කරන ලද කර්මාන්තවලින් උදා වී ඇති නව අවස්ථා වෙත ඉහළ අවධානය යොමු කරමිනි.

මෙම වසර චීනය විවෘත භාවය හා ප්‍රතිසංස්කරණය සිදු කිරීමේ 45වැනි සංවත්සරයයි. චීනය ගෝලීය සේවා වෙළඳාමට හා ආර්ථික වැඩිදියුණුවට ලබා දී ඇති දායකත්වය සේවා වෙළඳ ප්‍රදර්ශනය මගින් පිළිබිඹු කළ හැකියි. ලෝක මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  Kristalina Georgieva මහත්මිය පවසන්නේ චීන ආර්ථිකය ලෝක ආර්ථිකයට දායක වූ අනුපාතය තුනෙන් එකකට ළඟා වී ඇති බවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම