ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද ජයග්‍රහණයේ 78 වැනි සංවත්සරය අදට (3) යෙදේ
2023-09-03 15:59:24
Share with:

සැප්තැම්බර් 3 වෙනිදා ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා විරෝධී යුද්ධයේ ජයග්‍රාහී දිනයයි. ජපාන විද්වතුන් පැවසුවේ නිසි අයුරින් ඉතිහසය සලකා පමණක් චීන-ජපාන සබඳතා ඉදිරියට යා හැකි බවයි.

ජපානය "සැප්තැම්බර් 18"  සිද්ධිය ඇතුළු ආක්‍රමණශීලී ක්‍රියා දියත් කළ අතර,ඒ සම්බන්ධයෙන් සමාව අයැදිය යුතු බව ජපාන විද්වත් ව්‍යාපාරිකා Reiko Okutani මහත්මිය පැවසුවාය. ඉතිහාසය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබිය යුතු අතර, ජපන් ජාතිකයන් මෙම ඉතිහාසය හඳුනා නොගැනීම ලැජ්ජාවට කරුණක් බව ඇය සඳහන් කර ඇත.

ජපානය චීනය ආක්‍රමණය කළ ඉතිහාසය සැමවිටම මතක තබා ගත යුතු බවත් එය පිළිගත යුතු ම බවත් ජපානයේ "උරුමය සහ සංවර්ධන මුරයාමා සංවාදයේ" සභාපති Takakage Fujita මහතා පැවසීය. ඉතිහාසය කැඩපතක් කර ගනිමින් ආසියානු රටවල් සමඟ අත්වැල් බැඳ මිත්‍ර සබඳතා ගොඩ නැගිය යුතු ය. ජපාන රජයට මේ ඉතිහාස කාලසීමාව අමතක කළ නොහැකි බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම