තම රට හා චීනය අතර පැවති වෙළඳ සහයෝගිතා මනා ආදර්ශයක් බව කොමොරොස් රාජ්‍යයේ ජනපති කියයි
2023-09-02 16:53:20
Share with:

අප්‍රිකා සංගමයේ වාරික සභාපති, කොමොරොස් රාජ්‍යයේ ජනාධිපති Azali Assoumani මහතා පසුගිය දා චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

මෙම වසර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකා සහයෝගිතා දැක්ම ඉදිරිපත් කළ 10වැනි සංවත්සරයයි. එම දැක්ම අනුව චීනය අප්‍රිකාව කෙරෙහි ‘අවංක, ප්‍රායෝගික, සුහදශීලී’ ආකල්පයෙන් යුතු මූලධර්මය අනුගමනය කරයි. මෙය පොදු-ජයග්‍රාහී දැක්මකි. මෙවැනි සහයෝගිතා ඔස්සේ, අප්‍රිකානු රටවල් හා චීනය අතර පවතින සබඳතාව තහවුරු වී ඇත. මේ පිළිබඳව කොමොරොස් රාජ්‍යයේ ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී ෂී ජින් පිං මහතා වෙත ස්තුතිය පිරිනැමීය. ෂී ජින් පිං මහතා විශිෂ්ට නායකයෙකු බවත්, හවුල්කාරීත්වයෙන් සහයෝගිතා පැවැත්වීම ෂී ජින් පිං මහතා ගේ අපේක්ෂාව බවත් හෙතෙම සඳහන් කළේය.

චීනය හා කොමොරොස් රාජ්‍යය අතර සබඳතාව පිළිබඳව අදහස් දැක්වූ Azali Assoumani මහතා පැවසුවේ තම රට ස්වාධීනත්වය හිමි රටක් බව මුලින් පිළිගත් රටක් වන්නේ චීනය බවයි. එසේ ම, චීනය තම රටට අඛණ්ඩ ව සහායක් දක්වයි. උපරිමයෙන් චීනයට සහාය දැක්වීම තම රටේ යුතුකමකි. තම රටට පමණක් නොව, වර්තමාන අප්‍රිකාවට හා සමස්ත ලෝකයට පවා චීනය අවශ්‍ය බව ද ඔහු පැවසීය.

ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය ආරක්ෂක මුලපිරුම, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම පිළිබඳව ප්‍රශංසා පළ කළ Azali Assoumani මහතා තම රට හා චීනය අතර පවතින වෙළඳ සබඳතා ඉතා සමීප බව කීය. අප්‍රිකානු මහාද්වීප ‍නිදහස් වෙළඳ කලාපය තුළ දෙරටේ වෙළඳාම තවදුරටත් තහවුරු කෙරෙනු ඇත. චීන ව්‍යවසායන් සමග පැවැත්වෙන අනාගත සහයෝගිතා කෙරෙහි කොමොරොස් දැඩි විශ්වාසයක් දක්වයි. පෙර පැවති සහයෝගිතා මනා ආදර්ශයක් බව ද Azali Assoumani මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම