න්‍යෂ්ටික අපජලය මුල් කොට ජපාන අගමැතිවරයාට එරෙහිව එරට සිවිල් කණ්ඩායමකින් පැමිණිල්ලක්
2023-09-02 14:52:30
Share with:

ජපාන සිවිල් කණ්ඩායමක් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

ජපාන සිවිල් කණ්ඩායම වන "න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමට එරෙහි ජාතික සම්බන්ධතා සංගමය" ඊයේ (1) ජපාන අගමැති Fumio Kishida සහ ටෝකියෝ විදුලි බල සමාගමේ සභාපති Tomoaki Kobayakawa යන දෙදෙනාට එරෙහිව ටෝකියෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමට වි‍රෝධතාව පළ කෙරිණ. පිරිපහදු කළ න්‍යෂ්ටික අපජලයේ තවමත් ඉවත් කළ නොහැකි විකිරණශීලී ද්‍රව්‍ය පවතින බව ජපාන සිවිල් කණ්ඩායම පෙන්වා දුන්නේය. න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමට රාජ්‍යය ගෙන ඇති ක්‍රියාවලිය අතිශය බරපතල බව ඔවුහු පැවසූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම