ඉන්ධන මිල යළිත් ඉහළට
2023-09-01 14:36:31
Share with:

ඊයේ(31) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 361ක් ලෙස දැක්වේ.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ද, ලංකා සුපිරි ඩීසල් මිල රුපියලකින් ද, ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් ද ඉහළ දමා තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම