පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංගම් ඇති කිරීමට පියවර
2023-09-01 14:35:44
Share with:

රටේ අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් සහ මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගැන්වීම සඳහා පාසල් 100ක ප්‍රාග්ධන වෙළඳ පොළ සංගම් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ඊයේ(31) පැවති තෝරාගත් පාසල් 100ක ප්‍රාග්ධන වෙළඳ පොළ සංගම් පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

පාසල් සිසුන් අතර කොටස් වෙළඳ පොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් හුවමාරුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඊයේ(31) අත්සන් තැබිණ.

මේ සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කර ඇත. නව ආර්ථික ක්‍රමවේද සමඟ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී නව ක්‍රමවේද සමඟ යා යුතු බව වික්‍රමසිංහ මහතා පැවසීය. ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම