එක්සත් ජාතීන්ගේ සාම ආරක්ෂක මෙහෙයුම් ආරම්භ කිරීමේ පූර්ව කොන්දේසිය පිළිබඳ චීන නියොජිතයාගෙන් ප්‍රකාශයක්
2023-09-01 14:05:17
Share with:

රටවල්වල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම, එක්සත් ජාතීන්ගේ සාම ආරක්ෂක මෙහෙයුම් ආරම්භ කිරීමේ පූර්ව කොන්දේසිය බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත ගෙං ෂුවන් මහතා පවසයි.

 ඔහු එසේ පැවසුවේ ලෙබනනයේ රැඳී සිටින එක්සත් ජාතීන්ගේ තාවකාලික හමුදාවේ සේවා කාලය දීර්ඝ කිරීමේ කෙටුම්පත පිළිබඳව ඊයේ(31) ආරක්ෂක මණ්ඩලය පැවැත්වූ ඡන්ද ප්‍රකාශයෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී ය. එම කෙටුම්පත අදාළ රටේ හා ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ සැලකිල්ලට ලක් වූ ප්‍රශ්නවලට නිසි විසඳුමක් ලබා දීමට අපොහොසත් වූ නිසා එය ඒකමතිකව අනුමත කිරීමට නොහැකි විය. ඒ පිළිබඳව චීනය සිය කණගාටුව පළ කරන බව ද හෙතෙම පැවසීය. ලෙබනනයේ රැඳී සිටින එක්සත් ජාතීන්ගේ තාවකාලික හමුදාව සිය සේවා කාලය තුළ ලෙබනන රජය හා හමුදාව සමග ඇති සන්නිවේදනය ශක්තිමත් කරමින් එහි ජනතාව සමග ද යහපත් සම්බන්ධතා ගොඩනැගීමෙන්, පවතින සැකය තුරන් කර ඵලදායී ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ගෙං ෂුවන් මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම