ජපාන් න්‍යෂ්ටික අප ජලය බැහැර කිරීම අනුමත කිරීමට ජපානයේ ඇමරිකානු තානාපති අසාර්ථක උත්සාහයක....
2023-09-01 21:11:04
Share with:

ජපානයේ ඇමරිකානු තානාපති Rahm Emanuel ජපානය න්‍යෂ්ටික අපජලය බැහැර කිරීමට අනුබලය ලබා දීම සඳහා ඊයේ (31) ෆුකුෂිමා වෙත ගොස් මුහුදු ආහාර අනුභව කළේය. එපමණක් නොව, චීනයේ සාධාරණ ප්‍රතිචාර දැක්වීම් පිළිබඳව වගකීම් විරහිත ප්‍රකාශ කරමින් ජපාන මාධ්‍යන්හී ලිපියක් ද පළ කළ ඔහු "සාගර පරිසරය විනාශ කිරීම" සම්බන්ධයෙන් චීනයට මඩ ගැසීම පවා කළේය.

ආර්ථික අවශ්‍යතා සහ භූ දේශපාලනික අවශ්‍යතා හුවමාරු කර ගැනීම සම්බන්ධ  ජපානයේ න්‍යෂ්ටික අපජලය බැහැර කිරීම ඇමරිකාව අනුමත කර ඇත.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු, ඇමරිකාව මිලිටරි සහ සිවිල් අරමුණු සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරය සිවිල් භාවිතය සඳහා ඇමරිකානු න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කළ ජපානයේ පළමු ව්‍යාපෘතිය විය. අද වන විට ඇමරිකාව සහ ජපානය සිවිල් න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති සඳහා විවිධ ආකාරවලින් සහයෝගයෙන් කටයුතු කරයි. විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ ජපාන න්‍යෂ්ටික අපජලය බැහැර කිරීමේදී ඇමරිකාව සහය දැක්වීමට වැදගත් හේතුවක් වන්නේ න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාවයට බලපෑමක් නොවන පරිදි මෙම කාරණය හැකි ඉක්මනින් විසඳා ගැනීමට බලාපොරොත්තු වීමයි.

ඊට අමතරව, ප්‍රතිලාභ හුවමාරුවේදී ඇමරිකාවට වැඩි කේවල් කිරීමේ අවස්ථාවක් ඇත. 2011 වසරේදී ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුර සිදු වූ පසු, පරමාණුක බලශක්ති කොමිසම සහ බලශක්ති දෙපාර්තමේන්තුව ජපානයට තාක්ෂණික සහාය ලබා දීම මෙන්ම මිලිටරි අන්‍යෝන්‍ය ආධාර ව්‍යාපෘති ලබා දීමද සිදු කෙරුණු අතර පශ්චාත්-ආපදා ප්‍රතිසංස්කරණය පිළිබඳ ගිවිසුම්වලට ඇමරිකාව සහ ජපානය එළඹිණ. ජපානයට අවශ්‍ය වන්නේ ඇමරිකාවේ බලය යොදා ගනිමින් න්‍යෂ්ටික අපජලය බැහැර කිරීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට වන අතර, ඇමරිකාව ජපානයේ සිය මිලිටරි ආධිපත්‍යය පවත්වා ගැනීමට අවස්ථාව ලබා ගනී. ඊනියා "ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ" ඉත්තෙකු ලෙස සේවය කිරීමට ජපානය වඩාත් අධිෂ්ඨානශීලී වනු ඇත.

ජපානයේ ඇමරිකානු තානාපතිවරයාගේ ෆුකුෂිමා හි මුහුදු ආහාර අනුභව කිරීමේ සංදර්ශනයෙන් ජපාන න්‍යෂ්ටික අපජලය බැහැර කිරීමට සහය දීම අසාර්ථක වූවා පමණක් නොව, සමුද්‍ර පරිසරය විනාශ කිරීමේදී ඇමරිකාව සහ ජපානයේ නුසුදුසු වාර්තාව ද පෙන්වමින් ආසියා පැසිෆික් කලාපය සමඟ ඇමරිකාව සහ ජපානය හවුල් වීමේ දුෂ්ට චේතනාවන් පෙන්නුම් කළේය. මෙය කලාපීය රටවල ඉහළ සුපරීක්ෂාකාරීත්වය ලැබිය යුතු කරුණකි.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම