චීනය නියැළී සිටින සාමකාමී මාර්ගය
2023-09-01 19:06:08
Share with:

1945 වසරේ සැප්තැම්බර් 3වැනි දා, චීන ජනතාව වසර 14ක දුෂ්කර කාලයක් ගත කරමින් ජපාන ආක්‍රමණිකයින්ට එරෙහි යුද්ධය ජය ගත් අතර ෆැසිස්ට් විරෝධී යුද්ධයෙන් ජයග්‍රහණ ලබා ගත් බවට ප්‍රකාශයට පත් කෙරිණ.

2015 වසරේ පැවති චීන ජනතාව ජපාන ආක්‍රමණිකයින්ට එරෙහි යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජය ගැනීමේ 70වැනි සංවත්සර සැමරුම් සම්මේලනයේ දී ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ සාමය උදෙසා චීනය අඛණ්ඩ ව සාමකාමී මාර්ගයේ රැඳී සිටින බවයි. චීන ජාතිය තමා විඳි‍ දුක්ගැහැට සෙසු ජනවර්ගයන්ට උරුම කර නොදෙන බව ද ෂී ජින් පිං මහතා එහිදී කියා සිටී.

2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයෙන් පසු, ජාත්‍යන්තර ප්‍රජාවන් ඉදිරියේ ෂී ජින් පිං මහතා චීනයේ සාමකාමී සංවර්ධන චින්තනය හා ඒ පිළිබඳ සිය විග්‍රහය  පැහැදිලි කර තිබේ. සාමකාමී සංවර්ධනය යනු ෂී ජින් පිං මහතා ගේ රාජ්‍ය තාන්ත්‍රික චින්තනය සඳහා වන ප්‍රධාන අදහසකි.

2022 වසරේ අප්‍රේල් මාසයේ, ෂී ජින් පිං මහතා බෝ ආඕ ආසියා සංසදයේ වාර්ෂික සැසියේ සමාරම්භක උත්ස‍වයේ දී ප්‍රථම වරට ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කළේ ය. සමස්ත ලෝක‍යාගේ අනාගතය මූලික කරගත් මෙම මුලපිරුම, ලෝක ආරක්ෂාව පොදුවේ සුරැකීම හා ලෝකයේ සාමය හා ස්ථායිතාව සුරැකීම කෙරෙහි චීනය දරන ආකල්ප මනා පැහැදිලි කිරීමකි. අන්තර්ජාතික ආරක්ෂාවෙන් ගෙන දෙන අභියෝගයන්ට මුහුණ දීමට චීන පිළියම් ඉන් සපයා ඇත. මේ අනුව, සීතල යුද්ධ චින්තනය ගෝලීය සාම රාමුවට හානි එල්ල කරනු ඇත. අධිපතිවාදය ලෝක සාමයට බාධා කෙරේ. කණ්ඩායම් අයුරින් ගැටුම් ඇති කිරීම් 21 වන සියවසේ ආරක්ෂක අභියෝග තවත් උග්‍ර කරනු ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.

‘අන්‍යෝන්‍ය ගරුත්වය, සමානාත්මතාවයෙන් යුතු ව සාමකාමී ව සංවර්ධනය කිරීම මෙන් ම පොදු අභිවෘද්ධය සාක්ෂාත් කරගැනීම නිවැරදි ධර්මගුණාංගය’ යනුවෙන් චීන ජනතාව ජපාන ආක්‍රමණිකයින්ට එරෙහි යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජය ගැනීමේ 70වැනි සංවත්සර සැමරුම් සම්මේලනයේ දී ෂී ජින් පිං මහතා තවදුරටත් අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම