එළවළු හා පලතුරුවල පසු අස්වනු නාස්තිය 50%කින් පහළට
2023-09-01 14:37:57
Share with:

පලතුරු හා එළවළු ආශ්‍රිත පසු අස්වනු නාස්තිය සියයට 50කින් අවම කර ගැනීමට හැකි වී ඇතැයි පසු අස්වනු තාක්ෂණික ආයතනය පවසයි.

මෙම වසරේ අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 45ක මුදල් ඉදිරි මාස දෙක තුළ වියදම් කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

එළවළු හා පලතුරු අස්වනු නෙලීමේ දී තාක්ෂණික උපක්‍රම යොදා ගැනීම මෙන්ම ඒවා ප්‍රවාහනයේ දී ආරක්ෂිත ඇසුරුම් භාවිතා කිරීමට ගොවීන් පෙළඹීම නාස්තිය අවම වීමට හේතු වී තිබේ.

අප රටේ වාර්ෂික එළවළු හා පලතුරු පසු අස්වනු නාස්තිය මෙට්‍රික් ටොන් 270,000ක් බව අනාවරණය වී ඇති අතර වාර්ෂිකව සිදුවන නාස්තියේ වටිනාකම රුපියල් බිලියන 20ක් පමණ වන බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම