ලෝකයටම වැදගත් වන චීනයේ සහයෝගී සංවර්ධන ප්‍රවේශය - ආචාර්ය සුගත් මහින්ද සෙනරත්
2023-08-31 14:56:19
Share with:

චීනයේ සංවර්ධනය පාලන තන්ත්‍රයේ සුවිශේෂී සැලසුම් සහගත ඉදිරි දැක්ම මත පදනම් වූවකි. එම සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් වී ඇත්තේ සාමුහික සංවර්ධනය ඉලක්ක කර ගනිමිනි. මානව ගුණධර්ම සහ එකමුතුකම පෙරදැරි කර ගෙන චීනය මෙය ක්‍රියාත්මක කරයි. සැමට ප්‍රතිලාභ ගෙන දෙන චීනයට අනන්‍ය වූ ක්‍රමය චීනයේ අනාගත සංවර්ධනය උදෙසා ද ධනාත්මක බලපෑමක් ඇති කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය සුගත් මහින්ද සෙනරත් මහතා පවසයි.

පැහැදිලි ගමන් මඟක් තුළ සහයෝගීව සිය සංවර්ධන අරමුණු වෙනුවෙන් චීනය ගමන් කරමින් සිටී. ජයග්‍රහණයේ ප්‍රතිලාභ සියලු ‍පාර්ශ්වයන්ට හිමි විය යුතුය යන චින්තනය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ද සෑමවිටම ප්‍රමුඛ කොට සලකයි. එක් තීරයක් එක් මාවතක් සංවර්ධන වැඩපිළිවෙළ ඔස්සේ සිදු කරන්නේ ද මෙම සංවර්ධනයේ ප්‍රතිලාභ හුවමාරු කර ගැනීමක් බව හෙතෙම කියාසිටියේය. ගෝලීය වශයෙන් රටවල් අතර පවතින සබඳතා වර්ධනය කරමින් මෙම වැඩපිළිවෙළ ඔස්සේ චීනය සහයෝගී සංවර්ධන ප්‍රවේශයක වැදගත්කම පෙන්වා දී ඇති බවත් චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලන ව්‍යුහය එය සාර්ථකව ඉටු කරන බවත් ආචාර්ය සුගත් මහින්ද සෙනරත් මහතා අවධාරණය කරයි‍.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම