මේ වසරේදී බිලියන 3101ක බදු ආදායම් ඉලක්කයකට යා යුතුයි
2023-08-31 14:20:52
Share with:

මේ වස‍ර ඇතුළත රුපියල් බිලියන 3101ක රාජ්‍ය බදු ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුව ඇතැයි රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කියා සිටී.

මේ වන විට අය කරගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 1711ක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව වසර අවසන් වන විට රුපියල් බිලියන 1390ක මුදලක් එක්රැස් කිරීමේ අභියෝගය ජය ගැනීමට දේශීය ආදායම්, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තු සමත් විය යුතුව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම