ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට කැමති බව චීනය යළි අවධාරණය කරයි
2023-08-31 11:14:41
Share with:

ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට කැමති බව චීනය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ විධායක මණ්ඩලයේ 2023 වසරේ දෙවන නිත්‍ය සමුළුව ඊයේ (30) පැවැත්විණ. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය ස්ථාවර නියෝජිත Dai Bing මහතා දේශනයක් කළේය. ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට චීනය කැමති බව ඔහු එහිදී පැවසීය. ගෝලීය සංවර්ධන මුලපිරුම යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එහි සාමාජික රටවල් සමග සහයෝගිතාව ශක්තිමත් කරමින් සංවර්ධන අභියෝගවලට පොදුවේ මුහුණ දීමට චීනය අපේක්ෂා කරන බව ද ඔහු පවසයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර මූල්‍ය ධාරිතාව ඉහළ නංවාලීම, දරිද්‍රතාවය අඩු කිරීම හා සමානත්මතාවය ප්‍රවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්පත් එකලස් කිරීම චීනය අගය කරයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මුහුණ දී සිටින සංවර්ධන සම්පත් හිඟය චීනයේ ඉහළ අවධානයට ලක්ව තිබේ. කේන්ද්‍රීය පරිත්‍යාග මුදල් වැඩි කරන ලෙස චීනය සාම්ප්‍රදායික පරිත්‍යාගශීලි රටවලින් ඉල්ලා සිටින බව ද Dai Bing මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.‍‍‍

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම