ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ජනතා අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙලක්
2023-08-31 14:19:30
Share with:

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගුණාත්මක ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමේ දී පවතින ගැටලු හඳුනාගැනීම ඇතුළු කරුණු විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව මෙම ජනතා අදහස් ලබාගැනීම සිදුකරනු ලබයි.

ඒ අනුව ඕනෑම පාර්ශවයකට මෙරට ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලු යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ අදහස්, යෝජනා, නිර්දේශ ලබන මස 13 වන දිනට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතුය. අදාළ කමිටුවේ වාර්තාව මාස තුනක් ඇතුළත ලබා දීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම