චීනය සහ ඇමරිකාව අතර ගැටුමෙන් ගෙන එන අනිටු ප්‍රතිවිපාක ඇමරිකාවේ චීන තානාපතිවරයා පෙන්වා දෙයි
2023-08-31 11:15:54
Share with:

අන්‍යෝන්‍ය වාසිදායක සහ ජයග්‍රාහී චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ යුතු බව ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා පවසයි.

ඔහු පසුගිය 29වැනිදා පැවති 5වැනි Forbes ඇමරිකා-චීන ව්‍යාපාරික සංසදය අමතමින් මෙබව සඳහන් කළේය.චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතා  භූමිකාව පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් කළ යුතු යැයි ද ඔහු කීය.

චීනය සහ ඇමරිකාව අතර සම්බන්ධතා බිඳ වැටුණහොත් එය විශාලතම අවදානම වනු ඇති අතර දෙරට එකිනෙකාට විරුද්ධව සිටියහොත්, එය විශාලතම අනාරක්ෂිත සාධකය ද වනු ඇත. ‘De-sinicization’ යනු, අවස්ථා, සහයෝගීතාව, ස්ථාවරත්වය හා සංවර්ධනයෙන් ඈත් වීමය.

වත්මන් චීනයේ ආර්ථිකය පිළිබඳව අශුභවාදීව දකින පුද්ගලයන් ගේ අදහස් පිළිබඳව, Xie Feng මහතා ප්‍රකාශ‍ කළේ, චීනය අඛණ්ඩව සංවර්ධනය වීමෙන් පමණක්, ලෝකය වඩාත් සමෘද්ධිමත් වනු ඇති බවයි.

වත්මන් ලෝකය කැලඹිලිවලින් පිරී ඇති අතර ආර්ථික ප්‍රකෘතිය ස්ථාවර තත්ත්වයක නොපවතී. සියලු දෙනාම එකම බෝට්ටුවේ සිටින්නා සේය. කිසිවෙකුට තනිව ජීවත් විය නොහැකි වන අතර තම වාසියට අනුන්ගේ වාසිය හිලව් නොකළ යුතුය. චීනය සහ ඇමරිකාව අතර ගැටුමෙන්, ජයග්‍රාහකයෙකු නොමැත. ලෝකයට ද එහි ප්‍රතිඵලය දරාගත නොහැක. ගෝලීය අභියෝගවලට මුහුණ දීමට සහ ලෝකයට වැඩි සාමයක් සහ සංවර්ධන ප්‍රතිලාභ ගෙන දීමට ඇති එකම නිවැරදි මාර්ගය, චීනය හා ඇමරිකාව සහ‍යෝගතාව පැවැත්වීම යැයි ද  Xie Feng මහතා කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම