ඇමරිකාවේ සැබෑ ක්‍රියාවන් මත රඳා පවතින ‘චීන ඇමරිකා අදහස් හුවමාරු කිරීමේ නව මාර්ගය’
2023-08-31 09:46:22
Share with:

ඇමරිකානු වාණිජ ලේකම් Gina Marie Raimondo මහත්මියගේ සිව් දින චීන සංචාරය ඊයේ (30) අවසන් විය. ඇයගේ චීන සංචාරයේ දී මතු කෙරුණු චීනය හා ඇමරිකාව අතර "අදහස් හුවමාරු කිරීමේ නව මාර්ගයක් ඇති කිරීම ” පිළිබඳ ප්‍රකාශය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත. එය "වැරදි අවබෝධය අඩු කිරීමට" ඉවහල් වනු ඇතැයි විශ්වාස කෙරේ.එමෙන්ම "චීනය සමඟ සබඳතාව අත්හිටුවීමට උත්සාහ නොකරන" බව Raimondo මහත්මිය පැහැදිලිව ප්‍රකාශ කළාය. කෙසේ වුවද "අදහස් හුවමාරු කිරීමේ නව මාර්ගය " යථාර්තයක් බවට පත්වීම ඇමරිකාවේ සැබෑ ක්‍රියාවන් මත රඳා පවතින බව ජගත් වි‍ශ්ලේෂකයින් ගේ අදහස වී තිබේ.

එහි ක්‍රියාකාරී මට්ටම සැලකීමේදී, ඇමරිකාව ආර්ථීක හා වෙළඳ ප්‍රශ්න, දේශපාලනීකරණය හා ආරක්ෂණවාදයට ලක් ‍කිරීම නතර කිරීම, වර්තමානයේ ඉතා අත්‍යවශ්‍ය කටයුත්තකි. වත්මන් ඇමරිකාව උද්ධමනය හා ණය අර්බුදයකට මුහුණ දෙමින් සිටී. 

ධවල මන්දිරයේ ආර්ථික උපදේශක සභාවේ හිටපු සභාපති Kevin Hassett පසුගියදා පැවසුවේ තවත් උද්ධමන රැල්ලකින් ඇමරිකා ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි බවයි. රාජ්‍ය ණය ගැනුම්කරුවන් සම්බන්ධයෙන් ද ගැටළු මතුව තිබේ.එවැනි ගැටළු විසඳීම සඳහා චීනය සමඟ පවත්වන සහයෝගීතාවයෙන් බැහැර කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Gina Marie Raimondo මහත්මියගේ චීන සංචාරය තුළ, ඇමරිකාව චීනයට එරෙහිව පනවා ඇති ‘තීරුබදු අයිතම 301’, අර්ධ සන්නායක ප්‍රතිපත්ති, එකිනෙක ආයෝජන සීමා කිරීම් ,වෙනස් කොට සලකමින් ගත් සහනාධාර පියවර හා චීන ව්‍යවසායන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය දැඩි කනස්සල්ල ද පළ කළේය.දෙරටේ ව්‍යවසායන් වෙනුවෙන් වෙළඳ අයෝජන සහයෝගීතා ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසෙන කෝන්දෙසි නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව හැකි ඉක්මණින් චීනයට එරෙහිව අතිරේක වශයෙන් පනවා ඇති තීරුබදු අහෝසි කළ යුතුය. චීනය වෙත පනවා ඇති අපනයන සීමා ලිහිල් කරමින් අදාළ සම්බාධක ඉවත් කිරීම ද ඇමරිකාව විසින් ගත යුතු අනිවාර්ය පියවරකි. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම