දරුවන්ගේ අනාගතය පිළිබඳව නිරතුරුව සැලකිලිමත් වන චීන ජනපති
2023-08-31 11:34:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථා වල දරුවන් වෙත සැලකිල්ල හා අපේක්ෂා දක්වා තිබේ. නව පාසල් අධ්‍යයන වාරය ආරම්භවීම ආසන්නවත්ම ෂී ජින් පිං මහතා දරුවන් කෙරෙහි දක්වන උණුසුම් සැලකිල්ල විශේෂයෙන්  සිහිපත් කෙරේ.

මේ වසරේ ජාත්‍යන්තර ළමා දිනයට පෙර ෂී ජින් පිං මහතා බෙයිජිං Yuying පාසලට පැමිණ ගුරුවරුන් හා සිසුන් වෙත සැලකිල්ල දැක්වීය. පැසිපන්දු පිටිය, විද්‍යා පන්තිය, සිසුන්ගේ ගොවිපළ හා ගුරු කාර්යාලය ඇතුළු බොහෝ ස්ථාන වලදී ගුරුවරුන් හා සිසුන් සමග හෙතෙම සමීප ලෙස අදහස් හුවමාරු කර ගත්තේය.

දරුවන්ගේ පරමාදර්ශය හා විශ්වාසය තහවුරු කිරීම, ජීවිතය හා වටිනාකම පිළිබඳ නිවැරදි සංකල්ප ගොඩනැගීමට ෂී ජින් පිං මහතා අඛණ්ඩව කැපවී සිටී. 2019 වසරේ දෙසැම්බර් මස මැකව් විශේෂ පරිපාලන කලාපයේ Hou Kong මධ්‍ය විද්‍යාලයට අනුබද්ධිත Yingcai පාසලේදී හෙතෙම සිසුන් වෙත පවසා සිටි‍යේ චීන ජාතිකයෙකු ලෙස රටේ ඉතිහාසය, සංස්කෘතිය හා ජීවගුණය දැන ගත යුතු බවයි. වසර 5000ක ශිෂ්ටාචාරය පැහැදිලිව අවබෝධ කර ගැනීමෙන් තමා තුළ ජාතික අභිමානය හා ස්ව ගෞරවය නිර්මාණය කර ගත හැකි බව හෙතෙම පැවසීය.

නිරීක්ෂණ චාරිකා රැසක් තුළ ෂී ජින් පිං මහතා නිරන්තරව අවධාරණය කළේ දරුවන් සිය ශරීරය ශක්තිමත් කළ යුතු බවයි. වර්තමානයේ දරුවන් කණ්ණාඩි දැමීම සාමාන්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳව හෙතෙම කනස්සල්ල පළ කළේය. එමෙන්ම ව්‍යායාම අඩු වීම හේතුවෙන් දරුවන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයට ද බලපා ඇත. ඒ සඳහා ‘ශිෂ්ටාචාරාත්මකව හැසිරෙමින් ශරීරය ශක්තිමත් කළ යුතුයි’යන  කියමන උපුටා දැක්වීමට ද  ෂී ජින් පිං මහතා ක්‍රියා කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම