පොදු සංවර්ධනය ළඟා කර ගැනී‍මේ වැදගත්කම අතීත චීන ශිෂ්ටාචා‍රයේ සිටම පැවත එන්නකි - කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා
2023-08-30 14:36:24
Share with:

චීනය වසර පන්දහසකට වැඩි ශිෂ්ටාචාරයක් සහිත රටකි. කලාව, සංස්කෘතිය සහ ඉතිහාසය වැනි අංශයන් නියෝජනය කරන ලෝක ප්‍රසිද්ධ නිර්මාණශීලී පුද්ගල හැකියාවන් ද මේ සමග බැඳී පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රිපාලී මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා පවසයි. එමෙන්ම ආසියානු ශිෂ්ටාචාරයන් අතර චීන ශිෂ්ටාචාරයට සුවිශේෂ වටිනාකමක් හිමි වේ. මන්ද එය සාමකාමී බව, සංස්කෘතික සම්මිශ්‍රණය සහ නිර්මාණශීලී බවින් යුක්ත වීමයි.

විශේෂත්වය වන්නේ චීනය සිය ශිෂ්ටාචාරය තුළින් ලබා ගත් ශක්තිය සහ පැවැත්ම අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමයි. මේ සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලබා දෙන සැලකිල්ල ද අගය කළ යුතු බව හෙතෙම කියාසිටී. ඓතිහාසික උරුමයන්ට නිසි වටිනාකමක් ලබා දෙමින් ඒවා ආරක්ෂා කර ගැනීම උදෙසා වර්තමානයේ චීනය විශේෂ අවධානයක් යොමු කර ඇත. එසේම චීනය පුරා විහිදී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමත් එහි වැදගත්කම පිළිබඳ අනාගත පරපුර දැනුවත් කිරීමටත් ඔවුන් කටයුතු කරමින් සිටී. අතීතයේ සිට පැවත එන නවෝත්පාදන හැකියාවන් අන් සංස්කෘතීන් සමග හුවමාරු කර ගැනීමට ද චීනය වර්තමානයේදී ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත.

චීන ශිෂ්ටාචාරය සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ මෙන්ම නවීන අංගයන්ගෙන් ද සම්මිශ්‍රණය වූවකි. ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් වර්තමානයේ චීනයේ ක්‍රියාත්මක නවීකරණ සැලැස්ම ද සකස් වී ඇත්තේ චීනයේ මෙම පුරාණ ශිෂ්ටාචාරයේ අභාෂයන්ට අනුවය. වේගවත් සංවර්ධනයක්, කාර්මීකරණය සහ නවීකරණය වන රටවල් සමග එක්ව පොදු සංවර්ධනයක් ළඟා කර ගැනීමට චීනය කටයුතු කරමින් සිටී. අතීතයේ සිට යම් යම් රටවල් අනුගමනය කළ යටත් විජිතකරණයෙන් මිදී සහයෝගී ප්‍රතිපත්තියක කටයුතු කිරීමේ අවශ්‍යතාවය ෂී ජින්පිං මහතා ද අවධාරණය කර ඇත. චීනය මෙවැනි සාමුහික හැඟීමකින් කටයුතු කරනුයේ අතීතයෙන් ලබා ගත් අත්දැකීම් සහ චීන ශිෂ්ටාචාරය සමග බැඳුණු සහයෝගී ආකල්ප හේතුවෙනි. නව සීතල යුද්ධයකට පිවිසීමට කිසිවකුට ඉඩ නොතබමින්, සියලු ශිෂ්ටාචරයන්ගේ සැබෑ වටිනාකම් අගයමින් එක්ව සංවර්ධනය ළඟා කර ගැනීමට හැකිය යන චීනයේ නව සංකල්පය වඩාත් ප්‍රයෝගික බව කථිකාචාර්ය අමිල ලොකුමාන්නගේ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම