ඇමරිකාව නීත්‍යනුකූල නොවන අයුරින් ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ විදේශ වත්කම් අත්හිටුවීම දැඩි විවේචනයට
2023-08-30 17:03:37
Share with:

ඇමරිකාව නීත්‍යනුකූල නොවන අයුරින් ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ විදේශ වත්කම් අත්හිටුවීම දැඩි විවේචනයට ලක් වෙයි.

ඇෆ්ගනිස්ථාන ජනතාව ‘9•11’ සිද්ධිය වෙනුවෙන් පෙනී නොසිටින නිසා ඇෆ්ගනිස්ථානයේ වත්කම් එම සිද්ධියේ වින්දිතයන් ට ප්‍රතිපූර්ණ කිරීම කිසිසේත් ම සාධාරණ නොවන බව ඇෆ්ගනිස්ථා තාවකාලික රජ‍ය පෙන්වා දෙයි. එරට හිටපු ජනාධිපති Hamid Karzai මහතා පවසන්නේ ‘9•11’ සිද්ධියෙන් ඥාතීන් අහිමි වී සිටින ඇමරිකානු පවුල් සේම ඇෆ්ගනිස්ථාන ජනතාව ද වින්දිතයන් බවයි. ඇෆ්ගනිස්ථාන ජනතාවගේ මුදල් පැහැර ගැනීම පිළිකුල් සහගත ක්‍රියාවකි. මෙම වත්කම් ඇෆ්ගනිස්ථාන ජනතාවට හිමි විය යුතු විනා කිසිදු රජයකට හිමි නොවන බව ද හෙතෙම පැවසීය.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඇමරිකාව වසර 20ක පමණ කාලයක් තුළ යුද්ධ දියත් කර තිබේ. ඇෆ්ගනිස්ථාන තලේබන් සංවිධානය බලය අත්කර ගැනීමෙන් පසු ඇමරිකාව නීත්‍යනුකූල නොවන අයුරින් එරට ඇ.ඩො. බිලියන 7ක පමණ විදේශ වත්කම් අත්හිටුවා ඇත. ඇෆ්ගනිස්ථාන ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාදාමයට ඉන් දැඩි බාධා එල්ල වී තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම