BRICS සහ SCO සංවිධානවල ඉරාන සාමාජිකත්වය ඇමරිකානු ඒකපාර්ශ්විකත්වයට එරෙහි වීමේ දී සවියක් වනු ඇත - ඉරාන ජනපති
2023-08-30 11:33:37
Share with:

BRICS  සහ ෂැංහයි සහයෝගිතා යන සංවිධානවල තම රට සතු සාමාජිකත්වය, ඇමරිකානු ඒකපාර්ශ්විකත්වයට එරෙහි වීමේ දී සවියක් වනු ඇතැයි ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා කියාසිටී. 

ටෙහෙරාන් අගනුවර පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේ, එම සංවිධාන දෙකෙහි සාමාජිකත්වය ඉරානය විසින් ලබාගැනීම තුළ පවතින ආර්ථික බලපෑම් පිළිබඳව අදහස් දක්වමිනි.

තම රට සතු අද්විතීය හැකියාවන් නිසාම, එම කණ්ඩායම් දෙකේ බලගතු සාමාජිකයෙකු වීමට අනිවාර්යයෙන්ම හැකිවනු ඇතැයි ද හෙතෙම විශ්සාවය පළකළේය.

 දැනට BRICS  සාමාජිකත්වය දරන, හදිසි අවශ්‍යතා සහිත ආර්ථිකයන් සහිත රටවල් සමූහයක් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව විසින් ඉරානය, ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉතියෝපියාව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් 6 ට, BRICS සංවිධානයට එක් වන ලෙස පසුගියදා නිල වශයෙන් ඇරයුම් කෙරිණ. 

ෂැංහයි සහයෝගිතා සංවිධානය පිළිබඳව අදහස් දක්වමින් ඉරාන ජනාධිපතිවරයා පැවසුවේ, සමාජයීය සහ ආරක්ෂක ක්ෂේත්‍රවල සහයෝගිතා සහිත කලාපීය එකමුතුවක් ලෙස, එය ඉරානය සමග පුළුල් සබඳතා පැවැත්වීම ඉතා අගය කරන බවයි.

 බටහිර රටවල් ඉරානය වෙත ‘සිනහව’ රැගෙන එන තෙක් බලා නොසිටින බවත්, රටේ ආර්ථිකය සහ ජන ජීවිතය ඔවුන්ගේ කැමැත්ත වෙනුවෙන් උගසට නොතබන බවත් තමා බොහෝ විට අවධාරණය කර ඇතැයි ද Ebrahim Raisi ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම