ලංකා විදුලිබල මණ්ඩලය ජපානය සමග ගිවිසුමකට සූදානමක්
2023-08-30 15:18:29
Share with:

ලංකා  විදුලිබල මණ්ඩලය සහ ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය අතර තාක්ෂණික සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය 2018 වසරේ සිට ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය සමග සහයෝගයෙන් කටයුතු කරනු ලබන අතර 2019 වසරේ සිට තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.

අදාළ යෝජිත තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිරීක්ෂණ අනුව සකස් කර ඇති බව වාර්තා විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම