තම වරද සාධාරණීකරණය කිරීමට උත්සාහ දරන ජපානය
2023-08-30 11:09:26
Share with:

පසුගිය දින කිහිපය තුළ, ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය අඛණ්ඩව පැසිෆික් සාගරයට මුදා හැරීමත් සමඟ, එරට රජයට එරෙහි ජාත්‍යන්තර ප්‍රජාවේ විවේචන අඛණ්ඩව වැඩි වෙමින් පවතී. කෙසේ වෙතත්, ජපානය තම වැරදි නිවැරදි කර ගැනීම වෙනුවට චීනයට ‍එරෙහිව දෝෂාරෝපණය  කර ඇත.

ජපන් මාධ්‍ය ගණනාවක් ඊනියා "චීනයේ ජපන් විරෝධී හැඟීම්" සහ "ජපානයට එරෙහි චීන ජනතාවගේ හිරිහැර" පිළිබද ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කර තිබේ. ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida ඇතුළු බොහෝ දේශපාලනඥයන් චීනයෙන් ඉල්ලා සිටියේ ජපාන ජලජ නිෂ්පාදන සඳහා වන ආනයන සීමාවන් අවලංගු කරන ලෙසයි. ඔවුහූ ඊනියා ප්‍රති ක්‍රියාමාර්ග ගන්නා බවට ද තර්ජනය කළහ.

වසර දෙකකට පෙර, ජපාන රජය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හරින බව ප්‍රකාශ කළ දා සිට, ඊට අදාළ "ප්‍රචාරක" සහ " යථාර්තය " වසන් කිරීමේ මෙහෙයුම් ද දියත් කර තිබේ. ජපාන ප්‍රතිසංස්කරණ ඒජන්සියේ 2021 අයවැය උදාහරණයක් ලෙස ගතහොත්, ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරට අදාළ මහජන සම්බන්ධතා අරමුදල් යෙන් බිලියන 2 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති අතර එය 2020 වසරේ මෙන් සිව් ගුණයකි. න්‍යෂ්ටික අපජලය පාලනය කිරීමේ පිරිවැය අඩු කිරීම සඳහා ජපානය න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කළ අතරම, මෙම ක්‍රියාව "සාධාරණීකරණය" වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට පසුබට නොවූ බව පැහැදිලිය.

ජපානය චීනය ඉලක්ක කර ගැනීමේ අරමුණ මහජන මතය ව්‍යාකූල කිරීම බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. පාරිසරික ආරක්ෂාව සහ මානව සෞඛ්‍යයේ "අපරාධකරුවෙකු" වන ජපානය, එහි නරක ස්වභාවය වසන් කිරීමට "ගොදුරක්" ලෙස වෙස්වලාගෙන සිටී. එසේ කිරීමේ අරමුණ ජපානයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීමේ ක්‍රියාව බාහිර ලෝකය විසින් හෙළා දැකීමට එරෙහිව ආරක්ෂාවක්  සලසා ගැනීමය. 

මෑත වසර කිහිපය තුළ, ජපානය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇත. ඒ අතරම  සිය යුධ බලය පුළුල් කර ඇමරිකාව සමඟ සබඳතා තීව්‍ර කර ගනිමින්, ආසියා-පැසිෆික් කලාපයේ බෙදීම් සහ ගැටුම් ඇති කිරීමට උත්සාහ දරමින් සිටී. එවැනි ජපානයක්  පිළිබදව අසල්වැසි රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව වඩාත් සැලකිල්ලෙන් සිටිය යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම