බ්‍රික්ස් සමුළුවේ ප්‍රතිඵල පිළිබඳව රුසියානු - ඉන්දීය නායකයන් දුරකථන සංවාදයක
2023-08-29 09:58:34
Share with:

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  බ්‍රික්ස් සමුළුවේ ප්‍රතිඵල සහ ද්විපාර්ශ්වික සහයෝගිතා පිළිබඳව දුරකථනයෙන් සාකච්ඡා කරති. එම සංවාදය ඊයේ (28) පැවැත්විණ.                                                          

 පසුගියදා දකුණු අප්‍රිකාවේ Johannesburg  නුවර පැවති 15 වැනි බ්‍රික්ස් සමුළුවේ දී එළඹුණු එකඟතාවන් හි වැදගත්කම කෙරෙහි නායක දෙපළ මෙහිදී අවධානය යොමු කර ඇත. බ්‍රික්ස් කණ්ඩායමේ ව්‍යාප්තිය එහි ගෝලීය බලපෑම පුළුල් කරන බවට ඔවුන් විශ්වාසය පළ කළ බව  ක්‍රෙම්ලිනය නිවේදනය කළේය.

 නවදිල්ලි අගනුවර දී පැවැත්වීමට නියමිත G 20 කණ්ඩායමේ නායක සමුළුව සම්බන්ධයෙන් ද රුසියානු - ඉන්දීය නායකයන් අදහස් හුවමාරු කර තිබේ.

චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානයේ සාර්ථක සඳ තරණය පිළිබඳව රුසියානු නායකයා ඉන්දීය අගමැතිවරයාට සුබ පැතූ අතර, අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කිරීමේ හැකියාව යළි තහවුරු කළේය.

 ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සහ ප්‍රවාහන,සැපයුම් සහ බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගිතා කෙරෙහි ද නායක දෙපළගේ අවධානය යොමුවිය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම