ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතියක්
2023-08-29 15:19:49
Share with:

ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. ඒ සඳහා ජර්මනියේ ජාත්‍යන්තර කාලගුණ-දේශගුණ මුලපිරීමේ ආයතනය විසින් යුරෝ 113 905 ක මුදලක් ලබාදී ඇත.

කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමඟ එක්ව ජාතික පිවිතුරු මධ්‍යස්ථානය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

මෙම ව්‍යාපෘතිය මඟින් තෝරාගත් ආහාර නිෂ්පාදන කර්මාන්ත 25 ක බලශක්ති කළමනාකරණ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සිදු කෙරේ. හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා කටයුතු කරනු ලබන අතර නියමිත ක්‍රමවේදය සපුරාලන ආහාර නිෂ්පාදන කර්මාන්ත සඳහා ISO 5001 සහතිකය ලබාදීමද සිදුවනු ඇත. වසර 2 අවසන් වන විට එම කර්මාන්තවල බලශක්ති භාවිතයේ කාර්යක්ෂමතාව 20% කින් ඉහළ නැංවීමට මෙමඟින් අපේක්ෂිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම