ජපාන අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ මනාප අනුපාතය 26% දක්වා පහතට
2023-08-28 14:18:08
Share with:

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයේ මනාප අනුපාතය අඛණ්ඩව පහත වැටේ.

 එම අනුපාතය 26% දක්වා පහත වැටී ඇති අතර එය අඛණ්ඩව මාස දෙකක් 30% ට වඩා අඩු මට්ටමක පවතින බව ජපානයේ නවතම සමීක්ෂණයකින් හෙළි වේ. එය ජපාන කැබිනට් මණ්ඩලයට නිකුත් වූ අනතුරු සංඥාවක් ලෙස සැලකේ. එම මනාප අනුපාතය 20%ට වඩා පහත වැටුණහොත් කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට බොහෝ ඉඩකඩ තිබෙන බව විශ්වාස කෙරේ. ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුත් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මනාප අනුපාතය 25% දක්වා පහත වැටී ඇති බව ද එම සමීක්ෂණයෙන් පෙන්නුම් කෙරිණ.

දේශපාලන අරමුදල් අවිභාවිතය සහ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ක්‍රියාත්මක කළ ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමයේ ‍දෝෂ මහජන අප්‍රසාදයට ලක්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුත් ජපාන කැබිනට් මණ්ඩලයේ සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මනාප අනුපාත පහත වැටී ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම