වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල ණය පොලිය 13.5% දක්වා පහතට-මහ බැංකුවෙන් නියෝගයක්
2023-08-28 15:01:15
Share with:

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ මූල්‍ය ආයතනවල සාමාන්‍ය ණය පොලී අනුපාතය වහාම පහත හෙළන ලෙස නියෝග කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ණය පොලී අනුපාතය සියයට 13.5 හෝ ඊට අඩු මට්ටමින් පවත්වාගෙන යා යුතු බවට මහ බැංකුව නියෝග කර ඇත.

බලපත්‍රලාභී වානිජ බැංකු උකස් පොලී අනුපාත සියයට 18ක් ලෙසත් ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත සියයට 28ක් ලෙසත් පවත්වා ගත යුතු බවට ශ්‍රී ලංකා මහබැංකුව 25වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයෙන් දන්වා ඇත.

මෙය ක්‍රියාත්මක වන්නේ දැයි වානිජ බැංකු පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය කරන බව මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම