පවුල් ලක්ෂ 8කට අස්වැසුම ප්‍රතිලාභ අද(28) බැංකුවලට
2023-08-28 15:04:39
Share with:

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ අද(28) සිට ප්‍රතිලාභීන් ලක්ෂ 8කගේ බැංකු ගිණුම් වෙත අදාළ ගෙවීම් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ 15ක් අතරින් පවුල් ලක්ෂ 8ක් සඳහා පළමු වාරිකය මෙලෙස බැංකුගත කෙරේ. අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 20කට ප්‍රතිලාභ දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන අතර මේ වන විට ලක්ෂ 15ක් තෝරාගෙන ඇත. ඉදිරි කණ්ඩායම් සඳහා ද ගෙවීම් කිරීම කඩිනමින් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම