වැග්නර් ප්‍රධානියා ගුවන් අනතුරකින් මිය ගිය බව රුසියාව තහවුරු කරයි
2023-08-28 10:18:53
Share with:

ඉකුත් 23 වැනිදා මොස්කව් නුවර ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් වැග්නර් පුද්ගලික හමුදා සමාගමේ ප්‍රධානි Yevgeny Prigozhin මරණයට පත් ව ඇති බව රුසියානු බලධාරීහු තහවුරු කරති.  ඊට අදාළව වෙනුවෙන් පත්කෙරුණු විමර්ශන කමිටුව 27 වැනි දා මේ බව නිවේදනය කළේය. 

ගුවන් අනතුරින් මියගිය පුද්ගලයන් දස දෙනාගේ අනන්‍යතාව ගුවන් යානයේ පියාසර ප්‍රකාශනය හා සැසඳෙන බව ද කමිටුව පවසා ඇත. මොස්කව් නුවර, සිදු වූ ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයට අදාළ ජාන පරීක්ෂණ අවසන් කළ බවත්, ඉන් මිය ගිය අයගේ අනන්‍යතාව තහවුරු කර ගත් බවත් කමිටුව ටෙලිග්‍රෑම් හි කළ සටහනක දැක්වේ. 

ඉකුත් 23 වැනිදා මොස්කව් නුවර සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික ගුවන් යානයක් Tver ප්‍රදේශයේ දී කඩා වැටී එහි සිටි පුද්ගලයන් දස දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව එරට හදිසි අවස්ථා අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබීය.

 රුසියාවේ ගුවන් ප්‍රවාහනය සඳහා වන ෆෙඩරල් ඒජන්සිය නිකුත් කළ, මිය ගිය අයගේ නාම ලේඛනයට වැග්නර් සමූහ පුද්ගලික හමුදා සමාගමේ නායක Yevgeny Prigozhin  ද ඇතුළත් විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම