ඇමරිකානු හමුදා දුම්රිය මාර්ග ඇතුළු සිරියාවේ යටිතල පහසුකම්වලට හානි සිදුකරන බවට චෝදනා
2023-08-27 15:00:23
Share with:

ඇමරිකානු හමුදා දුම්රිය මාර්ග ඇතුළු සිරියාවේ යටිතල පහසුකම්වලට හානි සිදු කිරීම සහ ඔවුන්ගේ පාලනය යටතේ පවතින සිරියානු ප්‍රදේශ තුළ ජාතික සම්පත් කොල්ලකන බවට සිරියානු ජාතික දුම්රිය සේවය චෝදනා කරයි.

ඇමරිකානු සහ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (SDF)   Deir al-Zour සහ Hasakah පළාත්වල දුම්රිය එන්ජින් සහ ට්‍රක් රථ ඇතුළු යන්ත්‍රෝපකරණ අඛණ්ඩව අත්පත් කර ගනිමින් සිටින බව සිරියානු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදනයක් උපුටා දක්වමින්  සිරියානු අරාබි පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.සිරි‍යාවේ ඛනිජ තෙල්, කෘෂිකාර්මික නිෂ්පාදන සහ ජල සම්පත් සොරකම් කිරීම එම නිවේදනය මගින් හෙළා දැක තිබෙන අතර මෙම ක්‍රියාවන්හී අරමුණ සිරියානු ජනතාව මත ආර්ථික පීඩනයක් ඇති කිරීම  බවද එහි සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම