දිස්ත්‍රික්ක 06 ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වර්ගයේ සමථ මණ්ඩල
2023-08-27 16:54:39
Share with:

විවිධ ආයතන අතර පවතින ආරවුල් මෙන්ම පුද්ගලයින් සහ ආයතන අතර ව්‍යාපාර ගනුදෙනුවලින් ඇති වන මුල්‍ය ආරවුල් විසඳීම දිස්ත්‍රික්ක 06 ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වර්ගයේ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම විශේෂ සමථ මණ්ඩල කොළඹ, ගම්පහ, මහනුවර, මොණරාගල, පොලොන්නරුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කෙරෙන අතර, මෙම විශේෂ සමථ මණ්ඩලවලදී නිරවුල් කර ගත හැක්කේ රුපියල් ලක්ෂ පහකට වඩා අඩු මුල්‍ය වටිනාකමක් සහිත ගනුදෙනු පමණි.

මෙම සමථකාරවරයන්ගේ මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස පත් වීම සඳහා අවශ්‍ය සුදුසුකම්වලට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පැවති අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී එකඟතාවය හිමි විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම