ශ්‍රී ලංකාවේ අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වේ
2023-08-26 16:15:18
Share with:

ශ්‍රී ලංකාවේ අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වේ. ශ්‍රී ලංකාවේ  සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් වසර 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ සහ වසර 2040 වනවිට කාබන් ශුන්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම සිතියම සකස් කර ඇත.

2030 වනවිට ගිගාවොට් එකක අක්වෙරළ සුළංබල විදුලි ධාරිතාවක් ජනනය කිරීමට සහ වාර්ෂික කාබන් විමෝචනය මෙට්‍රික්ටොන් මිලියන 1 දක්වා අඩුකරගැනීමට මෙන්ම 2050 වනවිට එම ධාරිතාව ගිගාවොට් 4 ක් දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය ඇතිව ලෝක බැංකුව මෙම මාර්ග සිතියම නිර්මාණය කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම