චීන සහයෝගයෙන් සැබෑවන අප්‍රිකා සිහින
2023-08-26 14:43:25
Share with:

චීනය සහ අප්‍රිකාව නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා යන මාවතේ සහකරුවන් බව අවධාරණය කෙරේ.

ඊසානදිග කෙන්යාවේ Garissa ප්‍රාන්තයේ වැසියන්ගේ ආදායම් මෑතකදී වැඩි වී ඇත. වැඩි විදුලි සැපයුම, ආපනශාලා සේවා කාලය දිගු වීම සහ කෘෂිකර්මාන්තය සඳහා ජල පොම්ප වාරිමාර්ග සම්පාදනය ඊට හේතුවී ඇත. චීන ව්‍යවසායන් විසින් ඉදිකරන ලද Garissa ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරය ප්‍රාදේශීය විදුලි හිඟය‍ට ඵලදායී පිළියමක් වෙමින් කෙන්යාවේ සංවර්ධනයට හරිත ගම්‍යතාවයක් ලබා දී තිබේ.

ගෙවී ගිය වසර 10 තුළ, අප්‍රිකාවේ කිලෝමීටර් 6000 කට වැඩි දුම්රිය මාර්ග, කිලෝමීටර් 6000 කට වැඩි මහමාර්ග සහ මහා පරිමාණ විදුලිබල පහසුකම් 80 කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට චීනය දායක වී ඇත.“අප්‍රිකා නවීකරණ මාවතේ සහකරුවෙක් වීමට චීනය කැමැත්තෙන් සිටී”යන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය 24වැනි දින චීන-අප්‍රිකා නායකයන්ගේ සංවාදයේ කළ ප්‍රකාශය මෙම ව්‍යාපෘති මගින් තහවුරු කර ඇත.

චීනය ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වන අතර අප්‍රිකාව වඩාත්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සහිත මහාද්වීපය වේ. දෙපාර්ශ්වයට ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය, ශක්තිමත් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය සහ සමීප ආර්ථික හා වෙළඳ සහයෝගීතාවක් ඇත. ජයග්‍රාහී සහයෝගීතාව සාක්ෂාත් කරගැනීමට ඔවුන්ට පූර්ණ හැකියාවක් පවතී. නවීකරණයට යන මාවතේ සමීප මිතුරන් සහ හවුල්කරුවන් බවට දෙපාර්ශ්වය පත්වනු ඇත.

වර්තමානයේ, චීන ලක්ෂණ සහිත නවීකරණය සම්පූර්ණයෙන් ඉදිරියට යමින් පවතින අතර, චීනයේ සංවර්ධන "සීඝ්‍රගාමී දුම්රිය" පිළි ගැනීමට අප්‍රිකානු රටවල් සූදනමින් සිටී. වඩාත් වැඩි අප්‍රිකානු වැසියෝ චීන ලක්ෂණ සහිත නවීකරණයේ අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කර අධ්‍යයනය කරමින් සිටිති. ඉහළ මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමටත් දෙරට ජනතාවට වඩා අපූරු අනාගතයක් නිර්මාණය කිරීමටත් අප්‍රිකාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම