ජපාන රජයෙන් වන්දි ඉල්ලා සිටීමට ශාන්තිකර කලාපය ආශ්‍රිත රටවලට අයිතියක් ඇත!
2023-08-26 16:12:44
Share with:

"ජපාන රජය ජනතාවට, සාගරයට සහ ආර්ථිකයට හානි කර ඇත" "එය අපේ අනාගත පරම්පරාවට දෝහීකමකි" "අපජලය මුහුදට බැහැර කිරීම 'ප්‍රශ්නයක් නැත' යැයි පවසන දේශපාලනඥයන් අපි විශ්වාස නොකරමු" වශයෙන් ජපානයේ ක්‍රියාවන්ට එරෙහි මතවාද මතුවෙමින් තිබේ. මෑත දිනවල ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය ශාන්තිකර සාගරයට ගලා ඒමත් සමඟ වෙරළබඩ රටවල් එලෙස ජපානයේ ක්‍රියාව අඛණ්ඩව හෙළා දැක තිබේ. ශාන්තිකර කලාපය ආශ්‍රිත රටවලට ජපාන රජයේ අන්ත ආත්මාර්ථකාමී ක්‍රියාවන්ට වන්දි ගෙවිය නොහැකි බවත් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම සඳහා ජපාන රජයෙන් වන්දි ඉල්ලා සිටීමට අයිතියක් ඇති බවත් අදාළ විශේෂඥයෝ පෙන්වා දෙති.

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අනතුරෙන් ශේෂවී ඇති දූෂිත ජල ප්‍රමාණය ටොන් මිලියන 1.3කට අධිකය. උසස් ද්‍රවීය-පිරිසැකසුම් පද්ධතිය මගින් පිරිපහදු කරන ලද න්‍යෂ්ටික දූෂිත ජලයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් බැහැර කිරීමේ ප්‍රමිතීන් සපුරාලීමට අසමත් වී ඇති බව ජපාන පාර්ශ්වය පවා පිළිගනී. මෙම හානිකර ද්‍රව්‍ය සාගර ප්‍රවාහයන් සමඟ මුළු ලෝකයටම පැතිර යනු ඇති අතර එමගින් තක්සේරු කළ නොහැකි ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. ජපානය න්‍යෂ්ටික අපජලය පිරිපහදු කිරීමට වැඩි මුදලක් වැය කිරීමට  අකමැත්ත දක්වන අතර න්‍යෂ්ටික දූෂණයේ අවදානම මුළු ලෝකයටම පවරා තිබේ. කෙසේ වෙතත්, අන්තර්ජාතික හානි සඳහා වන්දි ගෙවීමේ වගකීම ජපානය දැරිය යුතුය.

ජපානය ‘පොදු මුහුදු සම්මුතිය’ ‘එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය’ වැනි බොහෝ ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන් තබා ඇති නමුත් එම සම්මුතිවල විධිවිධාන උල්ලංඝනය කරමින් සිටී. සත්‍ය වශයෙන්ම ජපානය සිය වගකීම් භාර ගනිමින් ශාන්තිකර කලාපය ආශ්‍රිත රටවලට වන්දි ගෙවිය යුතුය.

ඉතිහාසයේදී, න්‍යෂ්ටික දූෂණ ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වගකීම්  දරමින් වන්දි ගෙවූ පූර්වාදර්ශ රැසක් තිබේ. කැනඩාවේ Trail ස්මෙල්ටර් මගින් විමෝචනය කරන ලද සල්ෆර් ඩයොක්සයිඩ් ඇමරිකාවේ වොෂින්ටන් ජනපදයට හානියක් සිදු කළ බැවින් කැනඩාව ඇමරිකාවට වන්දි ගෙවිය යුතු බව‍ට ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය තීන්දු කළේය. 1986 දී, ද එවැනිම දෙයක් සිදුවිය. Marshall දූපතේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සිදුවූ දේපල හා පුද්ගලික අලාභ සඳහා වන්දි ගෙවීමට ඇමරිකාව එකඟ විය. 1988 දී පිහිටුවූ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයක් විසින් ඇමරිකාව Marshall දූපත් වෙත ඩොලර් බිලියන 2.3 ක් ගෙවිය යුතු බවට තීන්දු කළේය.

එම ‍වන්දි ගෙවීමේ පෙර සිද්ධීන් මත පදනම්ව, ශාන්තිකර කලාපය ආශ්‍රිත රටවලට ජපානයෙන් වන්දි ඉල්ලීමේ අයිතිවාසිකම් හිමිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම