සුඩාන ජනතාව දරුණු ආහාර අර්බුදයක
2023-08-26 15:18:39
Share with:

මිලියන 20ක පමණ සුඩාන ජනතාව දරුණු ආහාර සුරක්ෂිත ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. 

සුඩානයේ මිලියන 20ක ජනතාව ඉතා දරුණු මෙන්ම උග්‍ර වෙමින් පවතින ආහාර සුරක්ෂිත ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටිති.ඔවුන්ට ජගත් ප්‍රජාවේ ආහාර සහනාධාර අවශ්‍ය බව ඊයේ(25) එම සංවිධානය ප්‍රකාශ කළේය.   

සුඩානයේ සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ආහාර සැපයුම් දාමය විනාශ වී ආහාර වෙළෙඳපොළේ නිසි ක්‍රියාකාරිත්වයට බාධා පැමිණ ඇත.කාර්ටූම් අගනුවර පිහිටි ආහාර සැකසුම් කර්මාන්තශාලා රැසකට බෝම්බ ප්‍රහාර එල්ල වී තිබේ.ඊට අමතරව, රසායනික පොහොර, බීජ යන කෘෂිකාර්මික නිෂ්පාදන ද්‍රව්‍ය මිළ සීඝ්‍රයෙන් ඉහළ යාමෙන් මෙම වසරේ වගා බිම් ප්‍රමාණය තවත් අඩුවනු ඇති බැවින් ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බවට තක්සේරු  කෙරේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම