ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම වහාම නතර කිරීමට ජගත් ප්‍රජාව මැදිහත් විය යුතු බව චීනය කියයි
2023-08-26 17:05:54
Share with:

සිය වැරදි තීරණය නිවැරදි කරමින් න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම වහාම නතර කරමින් වගකීම් සහගතව එම ජලය පාලනය කරන ලෙස ජගත් ප්‍රජාව ජපාන රජයෙන් ඉල්ලා සිටිය යුතු බව චීනය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ චීන උප නිත්‍ය නියෝජිත ගෙං ෂුවන් මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) පැවති ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා‍ සම්මේලනයේ විශේෂ රැස්වීමට එක්වෙමිනි. සාගරය සමස්ත මානවයින්ට අයත් පොදු සම්පතකි. ජපානයේ ක්‍රියාව පොදු ප්‍රතිලාභ නොතකා පැසිෆික් දූපත් රටවල් ඇතුළු මුළු ලෝකයට ම අවදානම් ගෙන දී තිබේ.එය ඉතා ආත්මාර්ථකාමී හා වගකීමෙන් විරහිත ක්‍රියාවකි. එම න්‍යෂ්ටික දූෂිත ජලය ආරක්ෂිත හෝ අනාරක්ෂිත  වුවද එය මුහුදට මුදා නොහැරිය යුතු බව චීනය ඇතුළු එම ප්‍රශ්නයෙන් ඍජු බලපෑම් එල්ලවන පාර්ශ්ව බහුවරක් පෙන්වා දී තිබෙන බව ද ගෙං ෂුවන් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම