අප්‍රිකානු මිත්‍රයන් සමඟ සහයෝගතා පවත්වා පොදු සුබසාධනය සොයා ගැනීම චීනයේ අරමුණ බව බුරුන්ඩි ජනාධිපතිවරයා පවසයි
2023-08-26 15:50:42
Share with:

පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී චීනය අප්‍රිකාවට පැමිණි සැබෑ අරමුණ පිළිබඳව අදහස් දක්වමින්  බුරුන්ඩි ජනාධිපති Évariste Ndayishimiye මහතා මේ බව සඳහන් කළේය. චීනය අප්‍රිකාවට කිසිදු කොන්දේසියක් පනවා නොමැත. ශක්තිමත් චීනය අප්‍රිකානු රටවල් සමඟ සහයෝගීතා පවත්වන ආකාරය දුටු යටත් විජිත සංකල්පය දරන ඇතැම් රටවල් සිය යටත්විජිතවාදී මතවාදයෙන් හා මානසිකත්වයෙන් චීනය මැනීමට කටයුතු කරන බවට ද හෙතෙම විග්‍රහ කළේය.

චීන-අප්‍රිකා සහයෝගීතා සංසද පැවැත්වූ අවස්ථාවලදී එක් සංකල්පයක් හා සමාන විය යුතුය යන හැඟීමක් කවර හෝ අප්‍රිකානුවෙකුට නොදැනිණ.චීනය හා අප්‍රිකානු රටවල් එක්ව සොයන්නේ අන්‍යෝන්‍ය ජයග්‍රහණ සහ ගෝලීය සුබසාධනයයි. ගෝලීයකරණයේ කොටසක් වශයෙන් එකිනෙකාට උදව් කර සහයෝගීතා පවත්වා පොදු ජයග්‍රහණ දිනා ගැනීමේ අභියෝගයන්ට එක්ව මුහුණ දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

චීනයේ නවීකරණ මාවත පිළිබඳව අදහස් පළ කරමින් හෙතෙම පැවසුවේ චීන සංවර්ධන ප්‍රතිපත්ති සැම විටම චීන සංස්කෘතිය මත පදනම්වන බවයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සැම විටම "චීන ලක්ෂණයන් සහිත " යන්න සිහිපත් කර ඇත. ඉදිරියේදී බුරුන්ඩිය ද "බුරුන්ඩි ලක්ෂණ සහිත " ප්‍රතිපත්ති අනුගමනය කරනු ඇත.චීනය සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ දී, ඒ ඒ රටවල ජාතික තත්ත්වයන්ට ගැලපෙන අයුරෙන් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බව චීන විශේෂඥයන් සැමවිටම දක්වන මතය වී තිබේ. චීන සංවර්ධනය පදනම් වී ඇත්තේ සමස්ත ජනතාව එක්සත්ව එක්සිත්ව සිටීම මතය. සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ආදර්ශනයක් බවද බුරුන්ඩි ජනාධිපති Évariste Ndayishimiye මහතා  පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම