කලාපීය නිදහස් ගිවිසුම්වල විවෘතභාවය ඉහල නංවන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2023-08-26 17:04:33
Share with:

බහුපාර්ශ්වවාදී වෙළඳ පද්ධතිය ස්ථිරව ආරක්ෂා කරමින් ලෝක වෙළඳ සංවිධානයේ අනිවාර්ය ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට ජී20 කණ්ඩායම දායක විය යුතු බව  චීන වාණිජ අමාත්‍යංශයේ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා නියෝජිත, උප ඇමති වං ෂෝවෙන් මහතා පවසයි.

පසුගිය 24,25 දෙදින තුළ ඉන්දියාවේ Jaipur නගරයේ පැවති ජී20 කණ්ඩායමේ 2023 වෙළඳ ආයෝජන ඇමතිවරුන්ගේ රැස්වීම අමතමින් හෙතෙම මේ බව පැවසීය .

  ජාතික ආරක්ෂක සංකල්පය, අපනයන සීමා හා වෙළඳ ප්‍රතිකර්ම අයුතු ලෙස භාවිත කිරීමටත් විදේශ ව්‍යාපාරවලට පහරදීමට ජාතික බලය ඇතුළු ඒකපාර්ශ්වික හා ආරක්ෂණවාදී ක්‍රියා යොදාගැනීමටත් ජී20 කණ්ඩායම විරුද්ධ විය යුතුය. විවෘත කලාපීයවාදය අනුගමනය කරමින් සුරක්ෂිත, ස්ථාවර ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයට සහාය වී වෙළඳ ලියවිලි ඇතුළු අදාළ ලිපිලේඛන ඩිජිටල්කරණය පිළිබඳ සහයෝගතා පුළුල් කරමින් කලාපීය නිදහස් ගිවිසුම්වල විවෘතභාවය ඉහල නංවන ලෙසත් චීනය ඉල්ලා සිටියි. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම