ව්‍යාපෘති රැසක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය
2023-08-26 16:16:13
Share with:

බලශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන කරගත් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා සහාය දක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

එහි මෙරට අධ්‍යක්ෂ 'තකෆුමි කදානෝ' මහතා සඳහන් කරන්නේ, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යළි නගා සිටුවීම සඳහා පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ  මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකෆුමි කදානෝ මහතා මේ බව සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි සහාය අඛණ්ඩ ව ලබාදෙන අතර, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කර ඇත.

අර්බුදයෙන් නැගී සිටීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කරන බව ද ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට  අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම