සාමාජික සංඛ්‍යාව පුළුල් කරගන්නා BRICS රටවල් උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා
2023-08-25 11:40:37
Share with:

සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ආර්ජන්ටිනාව, ඉරානය සහ ඉතියෝපියාව BRICS කණ්ඩායමේ නව සාමාජිකයන් ලෙස එක්වන බව නිල වශයෙන් නිවේදනය කෙරේ. BRICS රටවල රාජ්‍ය නායකයන්ගේ 15 වැනි සමුළුවට සමගාමීව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ ඊ‍යේ (24) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ.  

මෙය, සංවිධානයේ සාමාජිකත්වය පිළිබඳ සන්ධිස්ථානගත වර්ධනයක් වන අතර මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛ ජයග්‍රහණවලින් එකකි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ එක්වීමට සහ සහයෝගයෙන් ක්‍රියා කිරීමට BRICS රටවල් කෙරෙහි පවතින අධිෂ්ඨානය මින් පිළිබිඹු වේ.

BRICS සාමාජිකත්වය ලද නව රටවල් හයටම ඔවුන් සතු කාර්මික ශක්‍යතා පවතී. එම හැකියා BRICS රටවල ආර්ථික ශක්තිය නංවනු ඇති බව, ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. මෙමගින් BRICS රටවල කාර්මික ව්‍යුහය නිෂ්පාදන, ආහාර, බලශක්ති හා සේවා යන අංශවලින් වඩාත් සම්පූර්ණ වනු ඇත. එසේම, BRICS සහයෝගිතාවයේ විභවය මින් මනාව සක්‍රීය වනු ඇති බව ද විශේෂඥයන් පවසා තිබේ.

මෙවර නායක සමුළුවේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේ, BRICS රටවල් ආර්ථික, වෙළඳ සහ මූල්‍ය සහයෝගිතා පුළුල් කළ යුතු බවයි. එසේම,දේශපාලන ආරක්ෂක සහයෝගිතා සහ මානව සංස්කෘතික හුවමාරුව ශක්තිමත් කරමින් ගෝලීය පාලනය වැඩිදියුණු කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම යෝජනා BRICS රටවල සහයෝගිතා ශක්තිමත් කිරීමට සහ උසස් තත්ත්වයේ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනයට උපකාර වනු ඇත. එමෙන්ම, ගෝලීය පාලනය ඉන් වඩාත් සාධාරණ දිශාවකට යොමුවනු ඇතැයි ද ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

දකුණු අප්‍රිකානු හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික Gert Grobler මහතා පෙන්වා දුන්නේ, අභියෝගයන්ට සාමූහිකව මුහුණ දීමට සහ සාමකාමී සංවර්ධනයක් උදෙසා වන  BRICS යාන්ත්‍රණයේ දී චීනය අඛණ්ඩ මෙන්ම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි. සාමාජික සංඛ්‍යාවේ වර්ධනය නව ආරම්භයක් ලෙස ගෙන, BRICS සහයෝගිතාව උසස් තත්ත්වයේ සංවර්ධනයක් සාක්ෂාත් කරනු ඇත. එසේම, මෙය ලෝක සාමයේ සහ සංවර්ධනයේ බලය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ද Gert Grobler මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම