අප්‍රිකානු රටවල් සහ ජනතාවගේ ඒකාබද්ධිත නවීකරණයට චීනය සැමවිටම ස්ථීර ලෙස අනුබල දෙන බව චීන ජනපති කියයි
2023-08-25 19:11:40
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතාගේ සම සභාපතිත්වයෙන් ඊයේ (24) දකුණු අප්‍රිකාවේ Johannesburg හිදී චීන-අප්‍රිකා නායක සංවාදය පැවැත්විණ. 

එහිදී ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ චීන ලක්ෂණ සහිත නවීකරණය, බටහිර නවීකරණය හා වෙනස් වන බවයි. එය පොදු සමෘද්ධි ගෙන එන, බිලියන 1.4 ක දැවැන්ත චීන ජනතාවගේ නවීකරණයයි. එමෙන්ම මිනිසා සහ සොබාදහම අතර සුහද සහජීවනයේ නවීකරණයයි. යටත් විජිත කොල්ලය වෙනුවට සාමකාමී ආකාරයේ නවීකරණයයි. එය ද්‍රව්‍යාත්මක ශිෂ්ටාචාරය සහ ආධ්‍යාත්මික ශිෂ්ටාචාරය අතර සංහිඳියාවේ නවීකරණයක් යැයිද  හෙතෙම පැහැදිලි කළේය.

නවීකරණය සඳහා චීන-අප්‍රිකා පොදු අභිලාෂයන් හා ඉදිරි දැක්ම මත පදනම්ව, චීන-අප්‍රිකා නායක සංවාදයේදී ෂී ජින්පිං මහතා පැවසුවේ අප්‍රිකාවට වඩාත්ම සුදුසු සංවර්ධන මාවත කුමක්ද යැයි තෝරා ගැනීමට අප්‍රිකානු ජනතාවට අයිතියක් ඇති බවයි.ඒකාබද්ධිත  නවීකරණ මාවත අප්‍රිකානු රටවල් සහ ජනතාවගේ ස්වාධීන ‍තෝරා ගැනීමක් බවත් එයට චීනය සැමවිටම ස්ථීර ලෙස අනුබල ලබා දෙන බවත්  හෙතෙම පැවසීය.

සැබෑ බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කර යටත්විජිතවාදයට සහ විවිධ අධිපතිවාදී ක්‍රියාවන්ට විරුද්ධ විය යුතුය.ජාත්‍යන්තර පර්යාය වඩාත් සාධාරණ හා යුක්ති දිශාව වෙත වර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර ශ්‍රම විභජනයට වඩා යහපත් ලෙස එකතු වී ආර්ථික ගෝලීයකරණයේ ප්‍රතිඵල බෙදා ගැනීම සඳහා පොදුවේ විවෘත හා අවබෝධාත්මක ලෝක ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවටද හෙතෙම යෝජනා කර ඇත. ‍‍

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම